අසරණ පවුලකට බිංගිරිය පොලිසියේ නව නිවෙසක් | දිනමිණ

අසරණ පවුලකට බිංගිරිය පොලිසියේ නව නිවෙසක්

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නව නිවෙස ලබා දෙන අයුරු

බිංගිරිය පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද පොලිස් ප්‍රජා ජංගම සේවා වැඩසටහනට සමඟාමීව ඉහළ කොස්වත්ත ග්‍රාමයේ පදිංචි ආර්ථික අපහසුතා ඇති ස්ථිර නිවෙසක් නොමැතිව ජීවත් වූ කේ. ඒ. මිත්‍රජීව ජානක මහතා ඇතුළු දරු පවුලට ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර මත බිංගිරිය පොලිස් ස්ථානයේ උපකාර මත නව නිවෙසක් හිමි වී ඇත.  දින 45 තුළදී සාදා නිමකරන ලද නිවෙස පසුගියදා ඒ මහතාට භාරදීමේ උත්සවය කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ අධිකාරි කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අන්දමින් සිදුවිය.

මේ නිවෙසේ ඇස්තමේන්තු වටිනාකම රු.ලක්ෂ 19 පමණ වේ. ප්‍රදේශවාසී දානපතියන් විසින් නිවෙසට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ පරිත්‍යාග කර තිබූ අතර ඉහළ කොස්වත්ත වසම භාර පොලිස් නිලධාරි පොලිස් කොස්තාපල් 49082 දීපානායක මහතාගේ අනුග්‍රහය මත මිත්‍රජීව ජානක මහතාගේ දරුවන් සිව් දෙනාට පාසල් උපකරණ බෙදා දීම ද සිදුවිය.

මේ අවස්ථාවට ඉහළ කරඹේ ස්වරණතිලකාරාමාධිපති බිංගිරිය සිවිල් ආරක්ෂක කමිටුවේ උපදේශක බණ්ඩාරි ගල්ගොඩ විසුද්ධි රතන හිමි, සහ බිංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානාධිපති සුජීව සොයිසා ප්‍රමුඛ පොලිස් නිලධාරින්, බිංගිරිය සමූපකාර සභාපති සරත් වීරසිරි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නාරද රණසිංහ, බිංගිරිය රෝහලේ වෛද්‍ය නිලධාරි මෙත්තා ජයතිලක මහත්ම මහත්මීහු ප්‍රමුඛව අවට විදුහල්වල විදුහල්පතිවරුන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

බිංගිරිය මධ්‍යඹ සමූහ
ඒ. එම්. සරත් කුමාර

නව අදහස දක්වන්න