මම පිටරටින් ණය අරන් කළ දේවල් පේන්න තියෙනවා | දිනමිණ

මම පිටරටින් ණය අරන් කළ දේවල් පේන්න තියෙනවා

ආර්.ඤාණදාස
හිටපු ජනාධිපතිවරයා සමරුඵලකය නිරාවරණය කරමින් බුදු මැදුර විවෘතකළ අවස්ථාව. විහාරාධිපති මාදම්පේ සමිත හිමි ද මෙහි වෙති.

මම පිටරටවලින් ණය ගත්ත කියල මේ රජයේ උදවිය මට චෝදනා කරනවා. මම ණය අරගෙන කරපු දේවල් අද පෙනෙන්න තියෙනවා යැයි. හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

නමුත් මේ රජයේ උදවිය ණය අරගෙන කරපු දෙයක් පෙන්න තියෙනවද?. හම්බන්තොට වරාය චීනෙට විකුණල රුපියල් මිලියන ගාණක මුදලක් මේ රජයේ උදවිය කොමිස් වශයෙන් අරගෙන තියෙනවා කියල මේ රජයේම ඇමැතිවරයෙක් කියල තියෙනවා. ඉතින් මේ රජය ගැන තවත් මොන කතා දැයි රාජපක්ෂ මහතා කීය.

ඒ මහතා එසේ පැවසුවේ අම්බලන්ගොඩ ඉඩන්තොට සිරිවර්ධනාරාමාධිපති ශාස්ත්‍රාචාර්ය මාදම්පේ සමිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුදුමැදුර විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති උත්සවය අමතා කතා කරමිනි. එම උත්සව සභාව කුලීගොඩ පුරාණ වනවාස විහාරාධිපති මාදම්පේ විමලධජ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී තව දුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසුවේය. මම විදේශ රටවලින් ණය අරගෙන වරායවල් හැදුව. ගුවන් තොටුපළ ඉදි කළා. අධිවේගී මාර්ග, පාසල් ගොඩනැඟිලි, රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මංමාවත් ඉදි කළේ ඒ මුදල් වලින්. ජනතාව අපිව පරාජයකර මේ රජය බලයට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතිවයි. ඒ බලපොරොත්තු මේ වන විට විනාශ වෙලා. ජනතාව මේ රජය ගැන කලකිරිලා. අද හාල් කිලෝවක් රුපියල් අනූවයි, සීයයයි. මෙහම තියෙද්දි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරනව අලුත් අවුරුද්දට වසවිස නැති හාල්වලින් කිරිබත් කන්න කියලා. හුනුසහල් වත් ගන්න විදියක් නැතිව ඉන්න ජනතාවට රුපියල් දෙසීයක් විතර වියදම් කරල වසවිෂ නැති හාල් අරගෙන කිරිබත් උයන්න කියන එක මොන තරම් විහිළුවක් ද?.

අලුත් අවුරුද්ද උදාවෙන කොටම මේ රජයේ ගලක් ගැලවිලා ගියා. තව ගල් කීයක් ගැලවේවිද කියල අපි බලමු. මේ රජය කරන්නේ අපෙන් පලි ගන්න එක විතරයි. නාමල්ගෙ ගෑනූ ළමය පදව ගෙන ගියපු වාහනය සුදු ඉර කැපූන කියල පොලිස්පතිට ලොකු නඩුවක්ලු ඒක. මේ විදියෙ පොලීසිවලින් වැඩක් තියෙනවද.

හම්බන්තොට වරාය චීනයට විකුණල. චීන රජය අපේ රටේ කරන්න හදපු දේවල් කරන්න ඉඩ දෙන්නෙ නැතිව චීනය තරහ කර ගත්ත. ඒ නිසා අපේ රටේ තරුණ පිරිසට රැකියා නැහැ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී.ද සිල්වා මහතා ද මෙහිදී කතා කළේය.

නව අදහස දක්වන්න