සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයද එය තහවුරු කළ අතර එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

සයිබර් ප‍්‍රහාරය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමටද මේ වනවිට හැකියාවක් නැහැ.

මේ අතර එම වෙබ් අඩවියට පිවිසිය නොහැකි වන අයුරින් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා තිබුනු බවද වාර්තා වෙයි.

එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක්ද එහි සඳහන්.

හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (hacked by mr z) විසින් බවද එම බැනරයේ සඳහන්.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...