නව සංවර්ධන ව්‍යාපෘති 50ක් | දිනමිණ

නව සංවර්ධන ව්‍යාපෘති 50ක්

තිරසර  අනාගතය කට 2017 වසරේ තිරසර  හැරවුම් ලක්ෂ ය බවට පත් කිරීම සඳහා නව සංවර්ධන ව්‍යාපෘති 50 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන් තිබේ .

පෙර කළ අමාත්‍යාංශ සහ ආයතනවල සලකුණ වත්මන් ආයතනවල තබමින් සියළු ආයතන රජයෙන් සහ භාණ්ඩාගාරයේ වියදමින් නිදහස් කරගැනීමට ද මහ නගර සංවර්ධන  අමාත්‍යාංශය සැලසුම්  කර ඇත .

නව සැහැල්ලු දුම්රිය පද්ධති(LRT) 02 ක් සහ 05 කට ශක්‍යතා අධ්‍යයන මේ වන විට සිදු කර ඇති  අතර නව ජල ප්‍රවාහන පද්ධති, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ .

කසළ කළමණාකරණය සඳහා පූර්ණ සැකසුම් සහ අනුමැතීන් සහිතව බලතල පළාත් පාලන ආයතනවලට ලබාදෙන අතර ගංවතුර පාලනයට නව උමං පද්ධති සහ නව සැළසුම් කර  ඇත .

ඉසුරු නගර 03 ක් හා වෘත්තීයවේදීන්ට නව නිවාස යෝජනා ව්‍යාපෘති 06 ක් ක්‍රියාත්මක කරන අතර  ප්‍රධාන ප්‍රවර්ජන නගරයක්(Logistic City), ප්‍රධාන වානිජ නගරයක්, නව පරිපාලන නගරයක්, උපාය මාර්ගික නගර සංවර්ධනයක් සඳහා පළමු අදියර ක්‍රියාත්මක  කෙරේ.

මූල්‍ය නගරය, තාක්ෂණ නගරය සහ සහිත සුඛිත පුරවරය අඛණ්ඩව ඉදිරියට  ගෙන යාමට සියලුම කටයුතු සිදු කරමින් තිබෙන බව මහ නගර හ බස්නාහිර  සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි .

-චමීර  ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න