එම්.එස්. දෝනි ඉවත්වෙයි | දිනමිණ

එම්.එස්. දෝනි ඉවත්වෙයි

  • 2004 දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගනී.
  • 2014 දී ටෙස්ට් පිටියට සමුදෙයි.
  • 20/20, එක්දින හා ශූරයන්ගේ කුසලාන ත්‍රිත්වය ජයගත් පළමු නායකයා.

ඉන්දීය එක්දින හා පන්දුවාර 20-20 ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි, එම නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය නිවේදයක් මගින් මේ බව නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත්, දෝනී එක්දින හා පන්දුවාර 20-20 ක්‍රිකට් පිටියේ රැඳී සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට තමන් සහභාගීවන බව, දෝනි දන්වා ඇති බව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

2004 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසි එම්.එස්.දොනි මෙතෙක් ඉන්දියාවෙන් බිහිවූ සාර්ථකම නායකයා ලෙසද සැලකේ.

දෝනිගේ නායකත්වයෙන් ඉන්දියාව, පන්දුවාර 20යි 20 ලෝක කුසලානය 2007 දී දිනාගත් අතර, 2011 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක ශූරතාව හා 2013 දී ශූරයන්ගේ කුසලානය දිනාගනු ලැබුවා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානය,  එක්දින ක්‍රිකට් ලෝක ශූරතාව හා ශූරයන්ගේ කුසලානය යන කුසලාන ත්‍රිතවයම ජයගත් පළමු ක්‍රිකට් නායකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්විය.

එක්දින තරග දිවියේ දී, තරග 283 කදී ලකුණු 9110 ක් ලබා සිටින දෝනි, පන්දුවාර 20-20 තරග 73 ක දී ලකුණු 1112 ක් රැස්කර ඇත.

නායකත්වය දරමින් මහේද්‍ර සිං දෝනි ටෙස්ට් තරග 60 ක දී ජයග්‍රහණ 27 ක් වාර්තා කර තිබේ.

ඔහු එක්දින තරග 199 කදී ඉන්දියාවට නායකත්වය ලබා දෙමින් එහිදී ජයග්‍රහණ 110 ක් වාර්තා කර ඇති අතර, පන්දුවාර 20-20 තරග 72 කට නායකත්වය ලබා දී තරග 41 ක් ජය ගෙන තිබේ.

නායකයෙකු ලෙස දෝනිගේ වාර්තාව

Tests: 60 Matches, 27 Wins, 18 Losses, 15 Draws
ODIs: 199 Matches, 110 Wins, 74 Losses, 4 Ties, 11 No Results
T20Is: 72 Matches, 41 Wins, 28 Losses, 1 Tie, 2 No Results

නව අදහස දක්වන්න