විරෝධතාවයෙන් පසු හිනිදුම මූකලාන පාර ප්‍රතිසංස්කරණයට | දිනමිණ

විරෝධතාවයෙන් පසු හිනිදුම මූකලාන පාර ප්‍රතිසංස්කරණයට

 හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ හල්විටිගල මූකලාන පාර සාදා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පෙරේදා (03) විරෝධතාවක නිරත වූහ. තවලම මූකලාන හල්විටිගල ජනපද රුවන්පුර දක්වා දිවෙන මේ මාර්ගය කිලෝමීටර් 2.8කින් යුක්තය. නිසි කාලයට පාර සකස් කිරීම් නොකෙරෙන බවට චෝදනා කළ ප්‍රදේශවාසීහු අදාළ කොන්ත්‍රාත්කාර කාර්යාලය වටලා මෙසේ සිය විරෝධතාව දැක්වූහ. මේ අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත් කිරීමට නෙළුව පොලිසියේ නිලධාරීහුද පැමිණියහ. අවසානයේ පාරේ වැඩ ආරම්භ කරන බවට කොන්ත්‍රාත්කරුවන් ප්‍රකාශ කළ අතර අවුරුද්දකට පමණ පසු පාරේ වැඩ ආරම්භ විය. ප්‍රදේශවාසීහු උද්දාමයට පත්ව අත්පොළසන් දී සිය සතුට පළකර සිටි අයුරු.

ඡායාරූප - හිනිදුම විශේෂ - රවීන්ද්‍ර ලියනගේ 


නව අදහස දක්වන්න

Or log in with...