ගෙවතු වගාවෙන් දිවිය සරු කරගත් දිරිය කත | දිනමිණ

ගෙවතු වගාවෙන් දිවිය සරු කරගත් දිරිය කත

යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ අම්පාගල, කිරි‍පෝරුවහි පදිංචි 69 හැවිරිදි ඩබ්ලිව්.ඒ.කරුණාවතී මහත්මිය ස්වයං රැකියාවක් ලෙස බුලත්කොහුපිටිය මල් සංගමයකට බැඳී ඉතාම සාර්ථකව විසිතුරු මල් සහ එළවළු පලතුරු පඳුරු ගම්මිරිස් වගාව කරගෙනයයි.ඇයගේ ඉඩම අක්කර දෙකක් පමණ ඇත .එහි පොල් කොස් දෙල් පුවක් ද යටිවගාව වශයෙන් තේද සිටුවා තිබේ.මෙම තේ සඳහා තමන් විසින්ම සකස් කරගත් කොම්පොස්ට්ස් පොහොරය. ඉඩමේ ඉඩ ඇති සෑම තැනම වගාකර ඇත.ඇය කිරිපෝරුව වතු යායේ සුබ සාධක නිලධාරිනියක් ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වු ඩබ්ලිව්.ඒ.කරුණාවතී මහත්මිය-

තේවලට රට පොහොර මිටියක් රුපියල් 3500 යක් යනවා. පොහොර මිටිය ඉසීමට තව රුපියල් 2000 ක මුදලක් වැය වෙනවා. කොම්පස්පෝට් පොහෝරවලට හොඳට දළුත් තියනවා එලවළු, පළතුරු වලටත් වෙන පොහොරක් දමන්නේ නෑ.යටියන්තොට ගොවිජන සේවා කර්යාලයෙ ඕ.අයි.තුෂාර හේමන්ත මහතා නිතර උපදෙස් දෙනවා.

සතියට දෙවරක් එළවළු පලතුරු වෙ‍ළෙඳපළට යවනවා. මාස දෙක තුනකට වරක් පැළ ප්‍රදර්ශන පවත්වනවා. එයිනුත් හොඳ ආදායමක් ලැබෙනවා. මේවායේ ඵදාව ලැබෙන කොට මට පුදුම සතුටක්. 

නව අදහස දක්වන්න