ටයර් කම්හලකට අගමැති අද හොරණ දී මුල්ගල් තබයි

ජයසිරි මුණසිංහ

ලොව අංක එකේ ප්‍රමිතීන්ට අනුගතව ටයර් නිෂ්පාදනය කිරීමේ රිජිඩ් කර්මාන්ත ශාලාවට අද (05) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ වගවත්ත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත කලාපයේ දී මුල්ගල තැබේ. රුපියල් කෝටි 1125ක (රුපියල් බිලියන 11.25ක) ආයෝජනයක් සහිතව සෘජු රැකියා දහසක් හා වක්‍ර රැකියා දෙදහසක් ජනිත වීම ඉලක්ක කොට මේ කර්මාන්ත ශාලාව ඉදි කැරේ. සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී හරිත කාර්මිකකරණයක් ඉලක්ක කොට රජය ක්‍රියාත්මක නව වැඩපිළිවෙළේ යෝධ සලකුණක් තබමින් නව කර්මාන්ත ශාලාව ඉදි කෙරෙනු ඇත. වගවත්ත කර්මාන්ත කලාපයේ අක්කර 100 භූමි භාගයක් පුරා මෙය ඉදි කැරේ.

වසර එකහමාරක් කෙටි කාලයකින් මේ කර්මාන්ත ශාලාව ඉදි කෙරෙනු ඇත. මෙහි කර්මාන්ත ශාලාවට අමතරව නවින පහසුකම් හා උපකරණ වලින් සමන්විත රබර් පර්යේෂණාගාරයක්ද ඉදි කැරේ.

මේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදිත ටයර් නිපැයුම්වලින් සියයට 75ක් විදේශ වෙළෙඳපොළට යොමු කෙරේ. ඉතිරි සියයට 25 දේශීය වෙළෙඳපොළට යොමු කරන බව රිජිඩ් කෝපරේෂන් ලිමිටඩ් හි සභාපති නන්දන ලොකුවිතාන මහතා ප්‍රකාශ කළේය.

නව කර්මාන්ත ශාලාවට මුල්ගල තබන අවස්ථාවට මහා සංඝරත්නය, සර්ව ආගමික නායකයෝ, මැති ඇමැතිවරු ප්‍රධාන සම්භාවනීය අමුත්තන් හා මහජනතාව විශාල පිරිසක් සහභාගී වනු ඇත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...