මරණ දඬුවම ලැබූ සිරකරු හිරේ සිටම උපාධිය සමත්

බුද්ධිකා ඉඹුලාන

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරුවී මරණ දණ්ඩනය නියමවූ,මරණීය දණ්ඩන අභියාචනා සිරකරු ලක්මිණි ඉන්දික බමුණුසිංහ (ටී.22006)ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සමත්වී තිබේ.

අද (05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන එම විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානොත්සවයේදී ඔහු මේ උපාධි සහතිකය හිමිකර ගනු ඇත. ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී 2012 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ලියාපදිංචිවී පළමු වර්ෂය අවසන් කර තිබියදී මේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවී තිබේ.ඉන්දික බමුණු සිංහ බන්ධනාගාරය තුළ සිටියදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ අවසරය ලබාගෙන බන්ධනාගාරය තුළදීම අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන ගොස් ඇති අතර

එම පහසුකම මත දෙවන හා තුන්වන වසර දේශන සඳහා සහභාගි වී උපාධිය සමත් වී ඇත. අදාළ නඩුව සඳහා මරණීය දණ්ඩනය නියමව සිටිය දී ,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය අද(05) වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී පවත්වන බව දැනුම් දීමෙන් පසු වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතාගේ මැදිහත්වීම යටතේ මේ සිරකරු උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි කරවීමට කටයුතු යොදන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස මරණීය දණ්ඩණය නියම වූ සිරකරුවෙකුට ලැබෙන මේ දුලභ අවස්ථාව සිරකරුට උදා කර දීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ අනුමැතියද හිමිවි තිබේ.

මරණීය දණ්ඩනය ලැබෙන සුප්‍රසිද්ධ නඩුවක චුදියෙකුව සිටිය දී බන්ධනාගාරය මගින් එහි දේශන සඳහා සහභාගි කරවා උපාධිය සමත්වීම සුවිශේෂී සිදුවීමක් වන අතර, බන්ධනාගාර ගතවීම සමස්ත ජීවිතයේම කඩාවැටීමට ලක් නොවන බව මේ මගින් සනාථ වන බව ද, සිරකරුවන් සඳහා වන බන්ධනාගාර යහපත් ක්‍රියාපිළිවෙත මේ මගින් අනාවරණය වන බව ද, සිරකරුගේ දක්‍ෂතාවයත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උත්සාහයත් සඵල ගන්වන මේ අවස්ථාව බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථමවරට සිදුවන්නක් බව වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනමිණට කීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...