ජෙට් එයාර්වේස් අද සිට ලංකාවට

ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සේවය අද සිට ශ්‍රී ලංකාව හා බැංගලෝරය අතර ඍජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරිණි.

ඒ අනුව දිනපතා අලුයම 00.45ට එම ගුවන් යානය ලංකාවට පැමිණෙන අතර අලුයම 03.15ට බැංගලෝරය බලා පිටත්වේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL303 ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කොළඹ බලා පිටත් වූ ගුවන් මගියෙකුට අයත් විශාල මුදල් ප්‍රමාණයක් සහිත බෑගයක් ගුවන් යානයේ අමතක කර දමා ගොස් ඇත.

අනතුරුව ගුවන් යානා කාර්ය මණ්ඩලයේ පරික්ෂාකාරී සාමාජිකයෙකු විසින් සොයාගෙන අදාළ අයිතිකාර මගියා වෙත බාරදී තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි මස 2 වැනිදා සිංගප්පූරුවේ සිට කොළඹ බලා UL303 ගුවන් යානයෙන් පැමිණි කුවේට් ජාතිකයෙකුට අයත් ඇ.ඩො11,400, බාත් 19,290, මැලේසියානු රිගිට් 210, කුවේට් ඩිනාර් 5,ක්‍රෙඩිට් කාඩ්, ATM  කාඩ්, රියදුරු බලපත්‍රය සහ කුවේට් ජාතික හැඳුනුම්පත සහිත බෑගය අමතක වී ගුවන් යානයේ දමාගොස් ඇති අවස්ථාවේ දීය.

ගුවන් සමාගමේ කාර්යක්ෂම අස්ථානගතවීම් සොයාගැනීම් ප්‍රතිපත්තිය යටතේ මෙම බෑගය නැවත ගුවන් මගියා වෙත බාරදීම සිදුවී ඇත.

ගුවන් සමාගම විසින් අවංක සහ කැපවීමෙන් යුත් විශිෂ්ට සේවාවක් සිදුකළ මෙම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයා විශේෂ ඇගයුමට ලක්කර ඇති බව ද වාර්තා වෙයි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...