ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනය අවසන්

ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය නතර කිරීමට අද පස්වරුවේ තීරණය කර තිබේ.

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පැවසුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෙට සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදු කරන බව ද ඔවුන් පෙන්වා දෙයි.

සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටලුවට ජනපති මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බවට පැවසූ බවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...