පෝරකයට පෙර පොලිස් නිලධාරියාට උපාධිය | දිනමිණ

පෝරකයට පෙර පොලිස් නිලධාරියාට උපාධිය

ඉතිහාසයේ පළමු වරට මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු උපාධිය ලබාගෙන තිබේ.

ඒ,බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියමවූ හිටපු උප පොලිස් පරීක්ෂක බී.ඒ. ලක්මිණි ඉන්දික බමුණුසිංහයි.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් අතර ඔහු බන්ධනාගාරයේ සිට පාඩම් කර උපාධි විභාගයට පෙනී සිටියේය.

ඔහු කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අතින් අද සිය උපාධි සහතිකය ලබාගනු ලැබිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...