ආණ්ඩුව පැවැත්ම ස්ථිරසාරයි - ජනපති

ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයකින් හෝ කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග වලින් ආණ්ඩුව පෙරළා දැමීමට කිසිඳු බලවේගයකට ඉඩ නොදෙන බවත් වසර 2020 වන තෙක් වත්මන් ආණ්ඩුව පැවැත්ම ස්ථිරසාර බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 
 
ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රවන මැදිරියේදී අද සවස පැවැති  පනස්වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා“ ආණ්ඩුව පෙරළන්න කතා ඇතැමෙක් පවසනවා. ජනතා කැමැත්තෙන් 2020 මෙහා අලුත් ආණ්ඩු හදන්න බැහැ. නීතිවිරෝධි ලෙස හෝ ව්‍යවස්ථා විරෝධි ලෙස ආණ්ඩු පෙරළන්න, කුමන්ත්‍රණ කරන්න ඉඩක් නැහැ. මා ඊට ඉඩ තබන්නේත් නැතැයි ඒ අයුරින් සිහින දකින අයට මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. 
 
මොන දේශපාලන පක්ෂය හෝ බලයට පත්වූ විට ආණ්ඩුවක් කරගෙන යෑමට ඉඩ තිබිය යුතුයි. ඊට අවශ්‍ය සහාය දිය යුතුයි. බලයේ සිටින ආණ්ඩුව නැවත පත් කර ගැනීම හෝ අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමේ හැකියාව ජාතික මැතිවරණයකදී  ජනතාවට හිමි වෙනවා. එක් එක් අයගේ ඔලුවේ  තිබෙන නොයෙක් විෂ වලටය විශාධි අදහස් පටු අදහස් බලය පිළිබඳ කෑදරකම් වලට, බලය වැරදිලෙස භාවිතා කර එහි රසය දන්නා අයට බලය වැරදි ලෙස නැවත භාවිතා කරන්න නැවත ඉඩක් නැහැ. 
 
හම්බන්තොට වරාය කර්මාන්තපුරය පිළිබඳව මහා උත්ඝෝෂණයක් යනවා. තෛයනිකායක මහා නායක හිමිවරු හමු වී ඉතාවැරදි අදහස් ඉදිරිපත් කර තිබෙනවා. මාධ්‍ය ඔස්සේ වැරදි විග්‍රහයන් කර තිබෙනවා. මීට වසර දෙකකට පෙරාතුව රටේ ප්‍රධාන මහජන සේවකයා ලෙස ජනතාව මාව තෝරා ගත්තේ විශාල විශ්වාසයක් ඇතිවයි. එම විශ්වාසය මාතෘභූමිය සහ  ජනතාව වෙනුවෙන් මම කිසිඳු විටක කඩ කරන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. හබ්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය  සම්බන්ධයෙන් ගිවිසුමක් මෙතෙක් හදා  නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර එහි වාරතාව මෙතෙක් නැහැ. අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ කමිටුවේ වාර්තාව මෙතෙක් එළි දක්වා නැහැ. හත්වැනිදා ගිවිසුමක් අත්සන් කරන බවට සාවද්‍ය ප්‍රචායක් යනවා. එසේ අත්සන් කරන්න ගිවිසුමක් මෙතෙක් හදා නැහැ.  එවැනි එකගතා රටට ගැලපෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැලපෙන අයුරින් සකස් කරනවා. අපේ මාතෘභූමියට ගැලපෙන අයුරින් රටේ ආරක්ෂාව භාරකාරිත්වය සියල්ල සුරැකෙන අයුරින් විදේශ රටවල් රාජ්‍ය සමගින් ගිවිසුම් අත්සන් කරන්න මම කැප වී සිටිනවා.  අපේ ආණ්ඩුව තුළ කාර්ය කිරීමේදී කිසිම තැනකදී රහස් නැහැ. රහස් නැති ආණ්ඩුවක් ලෙස රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා. අප කටයුතු කරන්නේ ඉහළ විවෘත බවකින්. මෙම නව ගිවිසුම රටේ ව්‍යවස්ථාවට,  රටට ගැලපෙන, රටේ ගෞරවය සුරැකෙන ලෙස සකස් කිරීමට මම උපදෙස් දී  තිබෙනවා. 
 
එම ගිවිසුම නීතිපතිවරයාට, ඇමැතිමණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එකඟතාට, අත්සන් කිරිම සඳහා යොමු කරන්නේ කියා කිව යුතු අප විශාල ණය බරකින්, විශාල ආර්ථික අර්බුදයකින් සිටින බව අප පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නව කර්මාන්ත ආරම්භ කිරිමට කටයුතු කළ යුතු යැයිද අනාවරණය කළේය. 
 
-නිරුෂි විමලවීර 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...