පාකිස්ථාන් ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය යළිත් | දිනමිණ

පාකිස්ථාන් ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය යළිත්

 ශ්‍රී ලංකාවේ පාකිස්ථාන් මහ කොමසාරිස් කාර්යාලය සහ පකිස්ථාන් රජයේ වෙළෙඳ සංවර්ධන අධිකාරිය (TDAP) විසින් අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධානය කරන පාකිස්ථාන් වෙළෙඳ ප්‍රදර්ශනය Pakistan Single Country Exhibition& 2017 ජනවාරි 13 වන දින සිට 15 වන දා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා පරිශරිශ්‍රයෙහිදී පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ මෙන්ම ශ්‍රී ලාංකීය ආනයන සහ අපනයන කරුවන්ට පාකිස්ථානයේ ආනයන සහ අපනයනකරුවන් සමග වෙළෙඳ සබඳතා ගොඩනගාගැනීමට මෙය මහඟු අවස්ථාවක් උදා කර දෙනු ඇත. පසුගිය වර්ෂයේ මෙන්ම මෙවරද පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් රැසක් තම නිෂ්පාදන සමඟ මෙම ප්‍රදර්ශනය සමඟ එක් වීමට නියමිතය.

පාකිස්ථාන් වෙළෙඳ සංවර්ධන අධිකාරියේ සහ පාකිස්ථාන් රජයේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන පාකිස්ථාන් ව්‍යවසායකයින් ප්‍රමුඛ පෙළේ ඇඟළුම් සහ රෙදිපිළි, කෘෂි නිෂ්පාදන, ඖෂධ, ශල්‍ය උපාංග නිෂ්පාන, ඉංජිනේරු නිෂ්පාදන, මැණික් සහ ආභරණ, බුමුතුරුණු, බිම් ගඩොල්, ආදි ක්ෂේතර පර ගණනාවක් නියෝජනය කරනු ඇත. පසුගිය වසරේදී ප්‍රථම වරට ආරම්භ කෙරුණු මෙම වෙළෙඳ ප්‍රදර්ශනය හරහා පාකිස්ථාන් සහ ශ්‍රීලාංකික ව්‍යවසායකයින් ගණනාවකට දෙරටේ වෙළෙඳපොළ වෙත ඇතුළු වීමට අවකාශ සැලසින. පසුගිය වසරේදී ලද සාර්ථකත්වය සමඟින් මෙම වසරේදී ශ්‍රී ලාංකීය සහ පාකිස්ථාන් ව්‍යවසායකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රතිලාභ හිමිකර ගනු ඇතැයි ශ්‍රී ලංකා පාකිස්ථාන් මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරයි.

2016 වසරේදී පළමු වරට පැවති පාකිස්ථාන් වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා පාකිස්ථාන් අගමැති නවාස් ශරීෆ් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

නව අදහස දක්වන්න