ජනපති කැන්ඩි සිටි සෙන්ටර් ගිහින් | දිනමිණ

ජනපති කැන්ඩි සිටි සෙන්ටර් ගිහින්

 මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් සුපිරි වෙළෙඳ සංකීර්ණය නැරඹීම සඳහා ඉකුත් 31 දා රාත්‍රීයේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය අතර එහි සිටි ජනතාව සමඟ සුහඳව කතා කරමින් ඒ මහතා එහි පැය භාගයක පමණ කාලයක් ගත කළේය.

වෙළෙඳ සංකීර්ණයේ අලුතින් ඉදිකළ දෙස් විදෙස් ආහාර අංගනය හා ළමා ක්‍රීඩා ගාරය නැරඹීමට ගිය ජනපතිවරයා සමඟ එහි සිටි පිරිස් සෙල්ෆි ඡායාරූප ගැනීමටද අමතක නොකළේය.

ආරක්ෂක රැකවල් පවා නොමැතිව මෙහි පැමිණි ජනපතිවරයා ජනතාව සමඟ ඉතා සුහඳව ගත කළ මෙම අවස්ථාවට අමාත්‍යය මලික් සමරවික්‍රම මහතාද එක්ව සිටියේය.

සියලු පහසුකම් වලින් සමන්විත මහනුවර සිටි සෙන්ටර් වෙළෙඳ සංකීර්ණය තුසිත විජයසේන මහතාගේ සංකල්පයකට අනුව බිහිව මේවන විට වසර හතක් ගතව තිබේ.

- අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න