ලුණු සංස්ථාවට අසමසම ලාභයක් | දිනමිණ

ලුණු සංස්ථාවට අසමසම ලාභයක්

 හම්බන්තොට ලංකා ලුණු සමහාගම පසුගිය වසර දෙක තුළ රුපියල් ෙකා්ටි 99ක ශුද්ධ ලාභයක් ලබා ඇත. ඒ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වුණු හම්බන්තොට ලංකා ලුණු සමාගමෙහි සභාපති ආයුබ් චාන් විසින් සඳහන් කරන ලදී.

රුපියල් මිලියන 300ක අලාභයක් ලබමින් තිබුණු මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් ෙලස ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා හම්බන්තොට ලංකා ලණු සමාගමෙහි සේවක පිරිසගේ මනා කැපවීම, නව අලෙවි නියෝජිත සංඛ්‍යාව 60ක් වැනි ප්‍රමාණයකින් වැඩි කිරීම, සේවක ගැටලු විසඳීම මනා සැලැස්මකින් යුක්තව වැඩකටයුතු කිරීම යනාදිය හේතුවූ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළහ.

- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න