කරුණු නොදැන කළ උද්ඝෝෂණය ගැන කනගාටු වෙනවා | දිනමිණ

කරුණු නොදැන කළ උද්ඝෝෂණය ගැන කනගාටු වෙනවා

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතුවල දී පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන්, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ පැවැති රැස්වීම අවසන්කර ආපසු පිටව යාමේ දී පිරිසක් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය පිළිබඳව තමන් දැඩිසේ කනගාටුව පළ කරන බව දේපළ අහිමි වන්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු කියයි. ඉකුත් 3දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීම අවසන්කර අමාත්‍යවරයා ආපසු යමින් සිටිය දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පිවිසුම අවහිර කරමින් කටයුතුකර ඇත්තේ රැස්වීමේ දී ගත් තීරණ සහ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබා දීමට එකඟ වු කරුණු පිළිබඳ නොදන්නා පිරිසක් බැවින් ඇති වු සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දේපළ ඉඩ කඩම් සඳහා වන්දි ගෙවීමේ දී අසාධාරණයට ලක්වන්නන්ගේ සංවිධානයේ කැදවුම්කරු වශයෙන් තමන් කණගාටුව පළ කරන බව ප්‍රියන්ත තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම සිදුවීම සිදුව ඇති අවස්ථාවේ දී තමන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටි බැවින් සිදුවීම වළකාලීමට කටයුතු කිරීමේ හැකියාවක් නොවු බවත් තෙන්නකෝන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් වැඩි දුරටත් පැවසීය. 

ගම්පහ අතිරේක

නව අදහස දක්වන්න