කොග්ගල කර්මාන්ත ශාලාව ජනතා අයිතියට | දිනමිණ

කොග්ගල කර්මාන්ත ශාලාව ජනතා අයිතියට

විමුක්ති දුෂාන්ත

තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් අද කොග්ගල නිදහස් වෙළෙඳ කලා‍පයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවිප්‍රාප්තියට සමගාමීව මෙම කර්මාන්ත ශාලාව විවෘත කල අතර ඒටීජී හෑන්ඩ් කෙයාර් පෞද්ගලික සමාගමට අයත් මෙම කර්මාන්ත ශාලාව මඟින් අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය.

කොක්ගල නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රයේ අක්කර 12ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.

1994 වසරේ ජුනි 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එකළ කර්මානත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් කර්මාන්ත ශාලාව ඉතිහාසයට එක් වෙයි.

 

නව අදහස දක්වන්න