ඊෂිකෑස් ක්‍රමයේ හෙරොයින් ජාවාරමක් අල්ලයි | දිනමිණ

ඊෂිකෑස් ක්‍රමයේ හෙරොයින් ජාවාරමක් අල්ලයි

ඊෂිකෑස් ක්‍රමයට මුදල් ගෙවා ලබා ගත් හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවටගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
ඊෂිකෑස් ක්‍රමයට මුදල් ගෙවීමෙන් පසුව උනවටුන ප්‍රදේශයේ විදුලි කණු මුල සගවා තිබු හෙරොයින් රැගෙන යන විට උනවටුන බොනවිස්ටාව සහ යද්දෙහිමුල්ල යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන
පරික්ෂා කරන විට හෙරොයින් මිලිග්‍රෑම් විස්ස තිහ හතලිහ ආදි වශයෙන් අසුරන ලද හෙරොයින් පැකට් පහක් ඔවුන් ළග තිබී සොයා ගෙන තිබේ. සැකකරුවන් පිලාන සහ වලහන්දූව යන ප්‍රදේශවල පදිංචිකරුවන්
බවද පොලිසිය විසින් අනාවරනය කර ගෙන ඇත.
 
මේ අතර හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් සියයක් සමග තවත් පුද්ගලයෙකු තල්පෙ කහවැන්නගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ මෙම සැකකරුවන් සියලුදෙනාම අධිකරණය වෙත
ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
 
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක රුවන් සැරයන්වරුන්වන සුජීව (45375) පියල් (889) යන මහත්වරුන් විසින් හෙරොයින් සමග  මෙම 
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 
 
- රවිදු ලසිත දීයගහගේ අහංගම සමුහ
 
 

නව අදහස දක්වන්න