ලංකා ලේලන්ඩ් සමාගමට නව අධ්‍යක්ෂකවරයෙක්

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන ලංකා ලේලන්ඩ් සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති,හා විපක්ෂ නායකවරයෙකු ලෙස කටයුතු කල සෙස්ටස් අර්සකුලරත්න මහතා පත්කර ඇත.
 
ඉකුත් සතියේදී එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස මහතා අතින් අමාත්‍යංශයේදී අර්සකුලරත්න මහතා පත්වීම් ලිපිය ලබා ගත් අයුරු.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජවෙදි විශේෂ උපාධිය (බාහිර) හදාරා ඇති ඒ මහතා ජර්මනිය ලක්සම්බර්ග රාජ්‍යවල මුල්ය කළමනරණය පිළිබද විශේෂ පාඨමාලාද හදාරා ඇති අතර ඉන්දියාවේ හයිද්‍රබාද් හා චන්දිගාර් නගරවල පොදු රාජ්‍යමණ්ඩලීය තරුණ කළමනාකරන වැඩ සටහන් හා පළාත් පලන විෂය පිළිබද විශේෂ පුහුණුවක් ලබා ඇත.
 
ප්‍රථම යොවුන්පුර පාර්ලිමෙන්තුවේ අගමැති ලෙසද තෙරිපත්ව කටයුතු කල ඒ මහතා සිංහල,දෙමල,ඉංශ්‍රීසි යන භාෂා පිළිබද හසල දැණුමක්ද,ප්‍රංශ හා රුසියන් භාෂාද හදාරා ඇති දක්ෂ තරුණ දේශකයකි.චතුර කතිතයෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
 
--රුවන්වැල්ල සමුහ කේ.පී.රංජනි

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...