දොඩංවල පාලම ජනතා අයිතියට | දිනමිණ

දොඩංවල පාලම ජනතා අයිතියට

මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසදුම් ලෙස රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකෙරුණු මහනුවර, හල්ඔථව, දොඩංවල පාලම අද (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිනි. 
 
අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න නායක හිමිපාණන් වහන්සේ ද,  අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ ප්‍රදේශිය දේශපාලන නියෝජිතයින් රැසක් ද, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇතුථ විදේශ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

නව අදහස දක්වන්න