කළුතර තිස්ස විදුහල 13න් පහළ ක්‍රිකට් ශූරතාව දිනයි | දිනමිණ

කළුතර තිස්ස විදුහල 13න් පහළ ක්‍රිකට් ශූරතාව දිනයි

කළුතර තිස්ස මධ්‍ය මහා විදුහලේ මිතිර තිනුර ලබාගත් අගනා ශතකයත් සමග වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට තිස්ස මධ්‍ය මහා විදුහල් ක්‍රීඩකයෝ පෙරේදා සමත් වූහ.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවැති අවසන් තරගයේදී තිස්ස විදුහල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආ මිතිර තිනුර පන්දු 138 කදී හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය. එමෙන්ම ශෂ්මික වීරසේකර අර්ධ ශතකයක් ලබා තිස්ස විදුහලට අගනා මෙහෙවරක් ඉටු කළේය.

මෙතෙක් තිස්ස මධ්‍ය මහා විදුහල් ඉතිහාසයේ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙය ලෙස සටහන් විය. අවසන් මහ තරගය විසඳුමකින් තොරව අවසන් වුවත් ප්‍රසාද ලකුණු අනුව තිස්ස මැදි විදුහලට ශූරතාව හිමිවිය. තිස්ස මැදි විදුහල මේ තරගාවලිය ආරම්භයේ සිට ඉතා හොඳින් ක්‍රීඩා කිරීම කැපී පෙණුනි.

තිස්ස මැදි මහ විදුහල් පිල පළමු ඉනිම කඩුලු 4 ලකුණු 217 (ඕවර 65)
ශෂ්මික වීරසේකර 50, මිතිර තිනුර නොදැවී 109, දීරක සෙත්මල් 12, ඉරන්ද දෙව්මිත් 10 (ඉඳුවර ද අල්විස් 44/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම කඩුලු 5 ට ලකුණු 146 (ඕවර 31.4 )
ඉඳුවර ද අල්විස් 46, විනුජ රාන්පුල් 45, ෂෙහාන් රොද්‍රිගු නොදැවී 21 (ශෂ්මික වීරසේකර 68/2, ආදිත්‍ය සිල්වා 34/2) 


නව අදහස දක්වන්න

Or log in with...