මාතරට අලුත් ‘මත’ ක් | දිනමිණ

මාතරට අලුත් ‘මත’ ක්

මාතර පොලිස් අධිකාරි ජි.එච්. මාරපන මහතා සහ වැටලිමට සහභාගිවු උ.පො.පා.උදිත කුමාර මහතා ඇතුළු නිලධාරින් මත් ද්‍රව්‍යය පරක්ෂා කරන අයුරු

එම්.ඩි.එම්.මත් ද්‍රව්‍ය සමඟ හෝටල් හිමියා සහ පහක් අත්අඩංගුවට

මාතර කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් වැලිගම ප්‍රදේශයේ සිදුකර හදිසි මත්ද්‍රව්‍යය වැටලිමකදි මාතර ප්‍රදේශයට අලුත් මත්ද්‍රව්‍යයක් වන එම්.ඩි.එම්. මත් ද්‍රව්‍යය මිලිග්‍රැම් 750ක් , සමඟ කොකෙන් මිලිග්‍රැම් 460 ක්, කේරළ ගංජා ග්‍රැම් 13500ක් සමඟ හොටෙල් හිමියෙක් ඇතුළු පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. එම්.ඩි.එම්. මත්ද්‍රව්‍යය මාතර ප්‍රදේශයෙන් ඇල්ලු ප්‍රථම අවස්ථාව මෙය වෙන අතර සංචාරකයන්ට මත් ද්‍රව්‍යය බෙදාහරින ජාවාරම් කාරයකු වන වැලිගම“ ලොකු“ නැමැත්තා යතුරුපැදියෙන් මත් ද්‍රව්‍යය බෙදමින් පැමිණෙද්දි එම්.ඩි.එම් මත්ද්‍රව්‍යය මිලිග්‍රැම් 750ක් සහ කේරළ ගංජා ග්‍රැම් 15090 ක් සන්තකයේ තිබි පොලිසියට හසුවිඇත.

මෙම අවස්ථාවේ ලැබුණු තොරතුරක් මත වැලිගම ප්‍රසිද්ධ හෝටලයක් වැටලිමේදි බෙදාහැරිමට සුදානම් තිබු කේරළ ගංජා ග්‍රැම් 13500ක් සමඟ හොටල් හිමියෙක් සහ හොටල් සේවකයන් හතර දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.“ ලොක්කා “නැමැත්තා මිට පෙරද මෙම මත්කුඩු ජාවාරමට හසුවි අධිකරණයෙන් ඇප පිට සිටින අයෙකි. සැකකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. මාතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එප්.ඩබ්ලිව්.යු.ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් , මාතර පොලිස් අධිකාරි ජි.එච් .මාරපන, යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.පා.උදිත කුමාර ,පො.සැ අශෝක ප්‍රියංකර , සුනිල් ,පො.කො.අනුර විරසිංහ ,ක්‍රිෂාන්ත, සිසිර ,මදුෂංක ,සම්පත් ,දිසානායක,චන්ද්‍රෙස්න, යන නිලධාරිහු මෙම වැටලිම මෙහෙයවිය.

මාතර සමුහ

නව අදහස දක්වන්න