ඉත්තෑපාන රෝහලේ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

දොඩන්ගොඩ සමූහ ජේ. ඒ. සී. පීරිස්
ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වාට්ටු සංකීර්ණය විවෘත කරමින්

ඉත්තෑපාන දිසා රෝහලේ ලක්‍ෂ 600ක වියදමින් ඉදි කරන ලද සූතිකාගාරය සහ මාතෘ හා කාන්තා වාට්ටු සංකීර්ණය පසුගියදා විවෘත කිරීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, ඉත්තෑපාන දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි එම්.එස්. ලියනගේමහත්ම මහත්මීන් ඇතුළු රෝහල් වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයද එක්වූහ.

මෙහිදී උත්සව සභාව ඇමතු සෞඛ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ ඉත්තෑපාන රෝහලේ අඩුපාඩු ඉතා ඉක්මනින්ම සපුරන බවත් රෝහලට අඩුපාඩුවක්ව ඇති නිල නිවාස ද ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත්ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...