සභාපති ධුරයෙන් ඉවත් වුවත් සාමාජිකත්වයෙන් යන්නේ නෑ | දිනමිණ

සභාපති ධුරයෙන් ඉවත් වුවත් සාමාජිකත්වයෙන් යන්නේ නෑ

විජයානි එදිරිසිංහ

ජාතික පොලිස් කොමිසමේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළත් එහි සාමාජිකයකු වශයෙන් දිගටම සේවය කරන බව ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පවසයි.

විදේශගතව සිටින ඒ මහතා දුරකතන ඇමැතුමක් ලබා දෙමින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කැර ඇත. එමනිසා ඒ මහතාගේ ඉල්ලා අස්වීම ව්‍යවස්ථාදායක සභාවට බාර දී ඇතත් එය ආණ්ඩුව පිළිගනීවිද යන්න ඒ මහතාගෙන් විමසූ විට කියා ඇත්තේ ගැටලුවක් ඇති නොවන බවය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට ඒ මහතාට ජර්මනියේ හෙයිඩ්‍රල්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් ලැබී ඇත. එම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ එකතු වී අදාළ පාඨමාලා ක්‍රියාත්මක කැරගෙන යයි. තව ඉදිරියට මාස දෙකක කාලයක් මහාචාර්යවරයා එහි කටයුතු කිරීමට නියමිතය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...