ශ්‍රීලනිප නිර්මාතෘ සමරා 1500 නමකට හෙට දානයක් | දිනමිණ

ශ්‍රීලනිප නිර්මාතෘ සමරා 1500 නමකට හෙට දානයක්

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දිනය සමරා මහා සංඝරත්නය 1500 නමක් විෂයෙහිලා සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (08) දහවල් පැවැත්වේ.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට මෙතෙක් කලක් වැඩමවා නොමැති රටේ අගනගරයෙන් ඈත පිටිසර විහාරස්ථානවල වැඩ වාසය කරන මහා සංඝරත්නය මේ දානමය පින්කමට වැඩම කරවීමට කටයුතු සංවිධානය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (06) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නව අදහස දක්වන්න