‘ජාතික ප්‍රතිසන්ධාන සතිය’ හෙට සිට | දිනමිණ

‘ජාතික ප්‍රතිසන්ධාන සතිය’ හෙට සිට

චන්ද්‍රිකා පෙරේරා

ප්‍රතිසන්ධානය තුළින් "තිරසර සාමය" පවත්වාගෙන යාම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළට සමගාමීව හෙට (8) සිට ලබන 14 වැනි දා දක්වා "ජාතික ප්‍රතිසන්ධාන සතිය" ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත් කැර තිබේ.

මින් ඉදිරියට මේ ප්‍රකාශිත කාලසීමාව ජාතික ප්‍රතිසංවිධාන සතිය ලෙස අඛණ්ඩව වසරක් පාසා ක්‍රියාත්මක කිරීමට ද මේ අනුව පියවර ගෙන ඇති බව ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ ලේකම් වී සිවඥාන‍සෝති මහතා සඳහන් කරයි.

තිරසර සාමයේ හා ජාතික සමගියේ අවශ්‍යතාව සපුරාලිමේ අරමුණින් සමස්ත ශ්‍රී ලාංකිකයින් අතර ඒකාබද්ධතාවය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරී‍ම සඳහා දැනට ක්‍රියාත්මක වැඩ සටහන්වලට අමතරව විශේෂ වැඩසටහන් මාලාවක් නව වසරේ ක්‍රියාත්මක වේ.

මේ අනුව ප්‍රතිසන්ධානය තුළින් තිරසර සාමය පවත්වාගෙන යාම සඳහා වූ වැඩසටහන් වත්මන් ආණ්ඩුවේ කාර්යයන් අතර ප්‍රමුඛස්ථානය ගනී.

විවිධ රටවල් නැවත යුද ගැටුම්වලින් මිදීම සඳහා ඒකාබද්ධතාවය හා ප්‍රතිසන්ධානය යන තේමාවෙහි පවතින වැදගත්කම කියා පෑමේ එක් උපායක් ලෙස ජාතික ප්‍රතිසන්ධාන සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම කාලසීමාව තුළ ජනතාව සිතන ආකාරය පරිවර්තනයකට බඳුන් කිරීම සහ එම විෂයට ආණ්ඩුව දක්වන ප්‍රම්‍රඛතාව අවධාරණය කිරීම සඳහා සංවේදී කරන සහ දැනුවත් කිරීමේ සුවිශේෂී වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව ප්‍රථමවරට මෙම 8 වැනිදා සිට 14 දක්වා කාලය ශ්‍රී ලංකාවේ ද ප්‍රතිසන්ධාන සතියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කැර ඇත. 

නව අදහස දක්වන්න