පාකිස්තාන නාවික හමුදා නැව් දෙකක් කොළඹ වරායට | දිනමිණ

පාකිස්තාන නාවික හමුදා නැව් දෙකක් කොළඹ වරායට

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා (05) කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා පිළිගන්නා ලදී. දින 3ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකා දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට නියමිතය. මේ සංචාරය අතරතුරදී දෙරටේ නාවික හමුදාව අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධාන කරන ලද සුහද ක්‍රීඩා තරඟ මෙන්ම විවිධ සංස්කෘතික හා කලා වැඩසටහන් කීපයකට ද එම නෞකාවල කාර්ය මණ්ඩලය සහභාගි වීමට නියමිතය. එම නෞකා දෙක හෙට (08) දිවයිනෙන් පිටත්ව යාම නියමිතය. 

නව අදහස දක්වන්න