ITN වැඩ ඉර එළියෙන් | දිනමිණ

ITN වැඩ ඉර එළියෙන්

දකුණු ආසියාවේ ප්‍රථම වරට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මහා පරිමාණ විද්යුත් මාධ්‍ය ජාලය බවට අයිටී‍එන් ආයතනය පත් කරමින් එහි විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණයෙන් සූර්ය කෝෂ මඟින් ලබා ගැනීමේ පළමු අදියර පසුගිය සිකුරාදා ආරම්භ විය. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සහ අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මිය ඒ සඳහා අදාළ ගිවිසුමට අස්සන් තැබූහ.

රුපියල් මිලියන 16.2ක් වටිනා පූර්ණ ද්විපාර්ශ්වික හුවමාරු ගිවිසුම මඟින් අයිටීඑන් ආයතනයට අවශ්‍ය විදුලි බලයෙන් සියයට 10ක් සැපයිය හැකි සූර්ය කෝෂ එම ආයතන ගොඩනැඟිලිවල වහල මත සවි කිරීමට නියමිතය. ආරම්භයක් ලෙස එමඟින් විදුලිය සඳහා වැය වන ලක්ෂ 45ක පමණ මුදලින් ලක්ෂ තුනක් පමණ මසකට ඉතිරි කළ හැකි බවට අපේක්ෂා කෙරේ. මෙහිදී චන්දන තිලකරත්න මහතා අදහස් දක්වමින් ලෝකයේ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විද්යුත් මාධ්‍ය ජාල 5ක් ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බවද, ඉන් එක් ගුවන් විදුලි නාලිකාවක් පමණක් සම්පූර්ණ සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන බවද, එබැවින් මේ ව්‍යාපෘතිය මාධ්‍ය ලෝකයේ විශාල පරිවර්තනයකට මුල පුරන ඓතිහාසික අවස්ථාවක් වන බවද පැවසීය.

අරුණි මුතුමලී

නව අදහස දක්වන්න