'බලගතු ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ' | දිනමිණ

'බලගතු ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ'

බලගතු ශ්‍රී ලංකාවක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් මෙතැනින් ආරම්භ කරනවා. තිරසර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන්නා යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කරයි.

දැවැන්ත කර්මාන්ත සංවර්ධන කලාපයක් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය අද (07) හම්බන්තොට දී ආරම්භ කරන උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

2015 ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන මතිතුමා මේ රටේ ජනපති හටියට තෝරාපත් කර ගත්තේ,මේ රටේ සාමාන්‍ය ජනතාව ට හොඳ ජීවිතයක් ලබාදෙන්න, තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළේ ඒ නිසයි. මේ අවස්ථාවේ රට දියුණු කරන්න අපි එකතු වුණා.

තිරසර යුගයේ තුන්වන වසර ආරම්භ වම අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන්නා යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා. ජනාධිපතිතුආගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් හම්බන්තොටින් පටන් ගන්නවා. අපි හම්බන්තොට වරාය ගැන කතා කළා. එත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වරයා හදුවා. ආයෝජකයෝ එයි කියලා හිතුවා. ඒත් ඒක සිදු වුණේ නෑ.

මේ ප්‍රදේශයකට ආයෝජ කර්මාන්ත ලබුණේ නෑ. වරායට  නැව්  භාණ්ඩ තිබුණේ නෑ. 2014 දී රුපියල් මිලියන 983ක අලාභයක් ලබාගත්තා.මේක අලාභ ලැබුවා. අපිට ණය ගෙවන්නත් තිබෙනවා. ණය ගෙවන්නත් ශක්තිය නෑ. ලාභ ලබාගන්න ශක්තියක් නෑ. අර්බුධයක හිටියේ. දරුවයි මවයි මරෙන්න හිටියේ. ගතයුතු පියවර සාකච්ඡා කළා. ණය අවලංගු කරන්න බෑ.

චීනයට ගියා. චීනයට ගිහින්,මේ ගැන කතා කළා. මේ ගැන විශේෂ අවධානයක් ඇති කළා. මේ ප්‍රදේශයට ආර්ථිකයක් ලබාදිය යුතුයි. විශාල කර්මාන්තකරණයක් කළ යුතුයි. ඒ සඳහා කර්මාන්තශාලා 2500ක් පමණ වුවමනායි. අපි මූලික වශයෙන් ඒකතු වෙල, ආර්ථික කොමිටියේ මේ ගැන සකච්ඡා කළා. උවමනා ඉඩම් තියෙනවද කියා ඇසුවා. චීනය පැත්තෙන් කිව්වා. අක්කර 15,000ක් පමණ වුවමනයි කියලා. අපිට හැමදාම බදු සහන දෙන්න බෑ කිව්වා. ඒ අනුව වැඩකටයුතු අරම්භ කරලා, අපි ඒ අනුව එකඟවෙලා වැඩකටයුතු පටන් ගත්තා. චීන ආණ්ඩුව සමගම් දෙකක් නම් කළා. එදා ගිවිසුමක් අත්සන් කළා, මේක පටන් ගත්තේ 2014 සැප්තැම්බර් මාසයේ දී. කර්මාන්තකරණය වුවමනයි කියලා පෙණුනේ එතැනදී.

අපිට තියෙන බව අඩු වෙනවා. වැට්වලින් බේරන්නයි මේක ගෙනාවේ. අපිටත් පාලනයක් අවශයයි.විශේෂ පරිපාලන අයිතියක් අපි තියාගත්තා. ගාල්ලේ නාවික හමුදා කඳවුර හම්බන්තොට ගේන්න. ඒ අනුව එකඟ වෙලා, ගිවිසුම් දෙකක් සාකච්ඡා කරගෙන යනවා. මලික් සමරවික්‍රම ඇමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල, විනිවිදභාවයෙන් කරනවා.

රුහුණු ආර්ථික කලාපයට  1235ක් අක්කර වෙන්කර තිබෙනවා, කටවත් හානියක් නොවන විදියට. ඇඹිලිපිටිය හොයාගෙන යනවා. සියයට 95%ක් රජයේ ඉඩම්. පන්සල් ගන්නේත් නෑ. පුරවිද්‍යා ස්ථාන ගන්නෙත් නෑ.ෂෙන් ෂෙන් කියන්නේ වර්ග කිලෝමීටර් 2000ක ව්‍යාපෘතියක්. මොණරාගල කියන්නේ වර්ග කිලෝමීටර 7000ක්.

රුහුණු ආර්ථික කලාපය  ගැන කොමිටියක් දාන, දිස්ත්‍රික්ක තුන නියෝජනය වන ලෙස. සාගල රත්නායක ඇමතිතුමා සභාපතීත්වයෙන්, හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ සම සභාපතීත්වයෙන්. රුහුණු ආර්ථික කලාපය වෙන් කරලා, අපිට දැනුම් දෙන්න කියලා බාර දෙන්න කියලා.ඩොලර් බිලියන 5ක ආයෝජයක් ලංකාවට ගෙන්න චීන තනාපතිතුමා කිව්වා. හොඳ වෘත්තීය පුහුණු ජාලයක් හදන්න අවශ්‍යයි. මේ ආරම්භය විතරයි. අපේ ඉලක්කය වී තිබෙන්නේ නිරතදිග තීරුව කියල ආර්ථික තීරුවක් ඇති කරන්නයි.චීනය පටන් ගත්තා, මොම්බායි දිල්ලි කර්මාන්ත තීරුව ඉන්දියාව ඇති කර තිබෙනවා.

නිරිතදිග තීරුව මහනුවර සිට වැල්ලවාය දක්වා හදන්න බලපොරොත්තු වෙනවා. අපි කියන්නේ ආර්ථික තීරුවයි. අපි බලන්නේ බස්නාහිර මූල්‍ය නගරයක් හදන්නයි. මහනුවර විශාල නගරයක් කරන්න බලන්නේ. නවීන කෘෂිකර්ම, සංචාරක, ධීවර ආර්ථික කලාපයක් අති කරන්න. ඊශාන දිගට ත්‍රීකුණාමලය වරාය සම්බන්ධකරගෙන විශාල සංවර්ධනයක් ඇති කරනවා. ආසියාවේ ප්‍රධාන රටවල් හතරක් එකතුකරගෙන මේ කටයුතු කරන්නේ. අපේ ගමන ඉදිරියට ගෙනයන්නේ. මේ කටයුත්තට උදව් කළ හැම අමාත්‍යාංශයකටම,සියලු අමාත්‍යවරුන්ට, හිටපු කතානායකතුමාට අපි ස්තූති කරනවා. සුද්දෝ නැති කළ වෙල්ලස්ස ආර්ථික බලවේගයක් කරන්න උදව් කරන චීන ජනාධිපතිතුමට ,චීන රජයට, හා චීන තනාපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. බලගතු ශ්‍රී ලංකාවක්,අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ.  ශක්තිමත් ස්ථීර අනාගතයක් මෙතැනින් ආරම්භ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

නව අදහස දක්වන්න