අනතුරකින් තරුණයින් 02ක් සමු ගනී | දිනමිණ

අනතුරකින් තරුණයින් 02ක් සමු ගනී

කඩුවෙල නගරයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කඩුවෙල දෙසට ධාවනය වූ කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරි රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරින් කුඩා ලොරි රථයේ ගමන් කළ දෙදෙනා බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, පාදුක්ක සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි වයස 23 සහ 31 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

නව අදහස දක්වන්න