පැහැරගත් ඉරාක මාධ්‍යවේදිනියට නිදහස | දිනමිණ

පැහැරගත් ඉරාක මාධ්‍යවේදිනියට නිදහස

පැහැරගනු ලැබූ ඉරාක මාධ්‍යවේදිනී අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි මුදා හැර ඇත.ඇයව පැහැර ගනු ලැබූ අවි ගත් පිරිස විසින්මබැග්ඩෑඩයේ සයිදියා හි පිහිටි ඇයගේ නිවස වෙත ඇයව ඇරලවා ඇති බව වාර්තා වේ.

මේ අතර අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි පැහැර ගනු ලැබූ තුවක්කුකරුවන් විසින් ඇයව නිදහස් කරනු ලැබූ බවත් , මාධ්‍යවේදිනිය ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපතිවරයා තහවුරු කරයි.

ආරක්ෂක නිලධාරීන් බව කියා ගත් තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින්

ඉරාකය තුළ සිදු වන අල්ලස් හා දූෂණයන්ට එරෙහිව හඬ නැඟූ ඉරාක මාධ්‍යවේදිනි අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි ඇයගේ නිවසේදීම පැහැර ගැනීමට ලක් වූයේ පසුගිය 30 වැනිදා ය. එරට මාධ්‍ය අනාවරණය කළේ අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයාව විවේචනය කරමින් අක්ලම් වෙබ් අඩවියට ඇය විසින් ලියූ ලිපියක් මෙම පැහැර ගැනීමට ආසන්නතම හේතුව වන්නට ඇති බවයි. තම දියණිය සමඟ රණ්ඩු කර ගත් සිසුවකුට දඬුවම් කිරීම ප්‍රතික්ෂේප නසිරියා හි පාසලක විදුහල්පතිවරයකුට එම ඇමැතිවරයා විසින් බැණ වැදීම ඇය විසින් මේ ලිපියෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාව විවේචනය කරමින් අක්ලාම් වෙබ් අඩවියට ඇය විසින් ලියූ ලිපියක් ඇයව පැහැර ගැනීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි. තම දියණිය සමග රණ්ඩු කර ගත් සිසුවකුට දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළ නසිරියා හි පාසැලක විදුහල්පතිවරයෙකුට එම අමාත්‍යවරයා විසින් බැණ වැදීම ඇය විසින් මෙම ලිපියෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

43 හැවිරිදි ක්වයිසි, අෂර්ක් අල්-අව්සත් පුවත් පතේ සහ දේශිය වෙඩ් අඩවි රැසක සේවය කරන්නියකි. එසේම ඇය ඉරාක සංස්කෘතික අමාත්‍යාංශයේ ද සේවය කරන අතර මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රියාකාරිණියකි.

මාධ්‍යවේදීන්ට වඩාත් භයානක රටක් ලෙස ඉරාකය හැඳින්වෙන අතර 2016 වසරේ දී පමණක් ඉරාකයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව හතකි. 

බී. බී. සී

නව අදහස දක්වන්න