සරත් කුමාර - පිල්ලෙයාන් යළි රිමාන්ඩ් | දිනමිණ

සරත් කුමාර - පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධ අත් අඩංගුවට ගත් හතරදෙනා ජනවාරි 23 දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා අද මෙම නියෝග කලේය.

නැගෙනහිර පලාත් සභාවේ හිටපු මහ ඇමති  සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් කොටි සංවිධාන පක්ෂයේ හිටපු ජාතික සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රී වන ප්‍රදීප් මාස්ටර් නම් වූ එඩ්වින් සිල්වා ක්‍රිෂ්ණානන්දරාජා ගජන් මාමා නම් වූ කනනායගම් හා හමුදා විමර්ශන නිලදාරි එම්.කලීල් යන අය සිර දඬුවම දීර්ඝ කර ඇත.
 
දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005 වසරේ ශුද්ධවූ මරියාල් දේවාලයේ පූජාවට සහභාගි වූ අවස්තාවේ ඝාතනයට ලක් විය.
 
මේ අතර මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.
 
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාරගේ නියෝගයකට අනුවයි.
 
ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා ගැන සෑහීමකට පත් විය නොහැකි බව කී මහේස්ත්‍රාත්වරයා ඉදිරි දිනයේ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

නව අදහස දක්වන්න