නියෝග නොතැකූ හිමි නම ඇතුළු 32 යළි රිමාන්ඩ්

උසාවි නියෝග නොතකමින් උද්ඝෝෂණය කරමින් පොදු දේපොළවලට හානි කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ 32 දෙනෙක් ජනවාරි 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නගේ නියෝගයකට අනුවයි. 

බන්ධනාගාර ගතකෙරුනු පිරිස අතර එක් ස්වාමීන් වහන්සේ නමක් හා වයස 16ට අඩු අයෙකුද සිටියි.

වයස16ටඩු  පුද්ගයා කිතුලම්පිටිය පරිවාස බාරයේ තබන ලෙසද නියෝග කෙරිණි .

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන සංජය වෙන්ගප්පුලි,ශිරාස් යූසූප්,චමින්ද සූරියපටබැදි ඇතුලු පිරිසක් පෙනිසිටියේය.

(සුරියවැව නුවන් ජයසේකර)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...