ශ්‍රී ලාංකික ධීවරයින් 03ක් නිදහස්

පසුගිය වසරේ ඔක්තෝබර් මස 22 වනදා ඉන්දීය මුහුදු සීමාවේදී සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත අධිකරණයක් විසින් නියෝග කර තිබේ.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කලේ අදාළ ධීවරයින් නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සිදු කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ඔවුන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි.‍ෙ

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවරයින් දසදෙනා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ශ්‍රී ලංකාව භාරයේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්  සඳහන් කර තිබේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...