ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව වසරේ ව්‍යාපාර අරඔයි | දිනමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව වසරේ ව්‍යාපාර අරඔයි

 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ නව වසර සඳහා ව්‍යාපාර කටයුතු ඇරැඹීම පසුගිය 2 වැනි දා උත්සවාකාරයෙන් සිදු කෙරුණු අතර, ඒ සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සම කළමනාකරණ අධ්‍යක්‍ෂකවරුන් වන ටී. එම්. ආර්. බන්සා ජයා සහ අරුණ සිරිවර්ධන යන මහත්වරු සහභාගි වූහ.

ප්‍රධාන ආගම් 4ට අයත් ආගමික නායකවරුන්ගේ දේශනවලින් පසු සභාව ඇමතූ සම කළමනාකරණ අධ්‍යක්‍ෂකවරු පසුගිය වසර තුළ කාර්ය මණ්ඩලය ඉටු කළ කාර්ය සම්භාරය අගය කළ අතර, මේ වසර තුළ ඊටත් වඩා හොඳින් තම රාජකාරි කටයුතු ඉටු කරන්නැයි ඉල්ලා සිටියහ.

ඇමැති හෂීම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කළ දායකත්වය ඉතා විශාල බවයි. ‘අප ආණ්ඩුව ක්‍රියා කරන්නේ භෞතික යටිතල පහසුකම් දියුණු කිරීමට පමණක් නොව, මානව සම්පත මත ආයෝජනය කරමින් සාමාජයීය යටිතල පහසුකම් ද දියුණු කිරීමටයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සියල්ලම මේ දායකත්වය පිළිබඳ ආඩම්බර විය යුතුයි.’ ඔහු කීවේය.

මේ උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි 55වැනි සංවත්සරයට සමගාමීව පැවැත්විණි. 

නව අදහස දක්වන්න