ප්ලාස්ටික් හැඳිවලින් ටියුලිප් මල් පොකුරක් | දිනමිණ

ප්ලාස්ටික් හැඳිවලින් ටියුලිප් මල් පොකුරක්

 

ටියුලිප් මල් යායක් දැක්කහම ‍අපි කොයි තරම් කැමැතිද? විදේශ රටවල වැඩි වශයෙන් තියෙන ටියුලිප් වගාව, හොඳ ආදායම් මාර්ගයක් වෙන්නේ ඒ මල් විකිණිය හැකි නිසයි. ටියුලිප් මලට ඒ තරම් මිනිස්සු කැමැතියි. අපට හිතාගන්නවත් බැරි දේකින් අ‍ප කැමැති වර්ණවලින් ටියුලිප් මල් පොකුරක් හදා ගන්න පුළුවන් නම්, කොච්චර හොඳයිද?

මේ මල් පොකුර නිර්මාණය කරන්නේ ප්ලාස්ටික් හැඳිවලින්. අඩු ම මිලක් දීලා, වෙළෙඳ පොළෙන් මේ හැඳි මිල දී ගත හැකියි. තමන් කැමැති වර්ණය ආලේප කළ හැඳි හයක්, එක ටියුලිප් මලක් නිර්මාණය කරන්න හොඳටම ප්‍රමාණවත්. මේ වගේ මල් අටක්, දහයක් අතර ප්‍රමාණයක් නිර්මාණය කළොත්, ටියුලිප් මල් පොකුර අලංකාරවත් වේවි.

මුලින්ම කරන්න තියෙන්නේ, හැන්දේ උඩ කොටස කපලා, පොඩි කම්බියක් වටා හැන්ද තබමින්, ගම් ටේප් එකක ආධාරයෙන් මලේ පෙති සවි කිරීමයි. ඒ වගේම,මලේ මැදට රේණු ටිකක් යොදාගන්නත් අමතක කරන්න එපා. දැන් ඔබ ඉදිරියේ තියෙ‍න ටියුලිප් මල් අතරට, දිගටි හැඩයේ කොළ කිහිපයක් කම්බියකට සවි කරලා, මල් පොකුර නිර්මාණය කර ගන්න.

ටියුලිප් මල් වර්ණ දෙකක් එක් කරමින් නිර්මාණය කර ගත්තොත්, වඩාත් අලංකාරවත් වේවි. දැන් මල් පොකුර, මල් බඳුනකට දමලා, මේසයක් මත තබන්න. අලංකාරවත් ටියුලිප් මල් පොකුර‍‍ක් ඔබ ඉදිරියේ තියෙනවා නේද?

- අන්තර්ජාලයෙනි

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න