මන්ත්‍රීවරුන් 240 දක්වා වැඩි කරන්න | දිනමිණ

මන්ත්‍රීවරුන් 240 දක්වා වැඩි කරන්න

ශිරෝමි අබයසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 සිට 240 දක්වා වැඩි කිරීමට මැතිවරණ සීමා නිර්ණ කමිටුව නිර්දේශ කර තිබේ.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල දැනට පත්වන සභිකයන් 4250 සංඛ්‍යාව 8500 දක්වා වැඩි කිරීමටද එම වාර්තාවෙන් යෝජනා කර තිබේ.

මැතිවරණ සීමා නිර්ණය කිරීම හා ජන්ද ක්‍රමය සකස් කිරීම සඳහා පළාත් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පත් කරන ලද අශෝක පීරිස් කමිටුවේ වාර්තාව මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ දේශපාලන පක්ෂ නායකයන්ට ඊයේ (9) භාර දෙනු ලැබිණි.

දැනට සිටින පාර්ලිමේන්තු මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් රට තුළ ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බැවින් පළාත් පාලන සභික සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි කිරීම ප්‍රශ්නගත විය හැකි බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. 

නව අදහස දක්වන්න