නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඩ්‍රෝන නීතිය | දිනමිණ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඩ්‍රෝන නීතිය

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

එසේම පොලිස් කොට්ඨාස 42 සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින් 42 දෙදෙනෙකුද පත්කර තිබේ.

උදෑසන 06ට, 11ට හා සවස 05ට ලෙස මින් ඉදිරියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් පොලිස් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමට නියමිතය.

මේ අතර ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවැසිය.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි හම්බන්තොටදී පුද්ගලික නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටි බවත්ය.

ඩ්‍රෝන යානා පියාසර කරවන අය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

 

නව අදහස දක්වන්න