හුරුළුවැවේ ජලය මදි | දිනමිණ

හුරුළුවැවේ ජලය මදි

මහවැලියෙන් වතුර ඕනෑ
වී වගාව අනතුරේ

හුරුළුවැව ව්‍යාපාරයේ මෙවර මාස් කන්නයේදී කුඹුරු අක්කර 11000ක පමණ වී වගාකර ඇතත් ඒ වී වගාවන්ට ප්‍රමානවත් තරම් ජල ධාරිතාවක් හුරුළුවැවේ නොමැති බව ද මාස්කන්නයේදී නිසි පරිදි වැසි ලැබෙනු ඇතැයි යන විස්වාසයෙන් හුරුළුවැව වාරිමාර්ග බලධාරින් ගොවීන්ට වී වගාවට ජලය නිකුත්කළ ද බලාපොරොත්තු වූ පරිදි වැසි නොලැබී යෑමෙන් වැවේ ජල ධාරිතාව එන්න එන්නම පහත බසින බව ද හුරුළුවැව ව්‍යාපාරයේ ගොවීහු දන්වා සිටිති.

හුරුළුවැව ව්‍යාපාරයේ වී වගා කළ පසු මේ වනවිට එම වී වගාවන් සදහා හුරුළුවැවෙන් නිකුත්කර ඇත්තේ එක් වතුර මුරයක් පමණි. මේ වනවිට හුරුළුවැවේ පවතින ජල ප්‍රමානයට අනුව වී වගාවන් සදහා ගොවීන්ට ලබාදිය හැක්කේ තවත් වතුර මුර කීපයක් පමණි. මේ වනවිට හුරුළුවැවේ ජලය අඩුවීමෙන් හුරුළුවැව ඇතුළත කඳු සහිත ගොඩබිම පෙනෙන බව ද ඔවුහු පවසති. හුරුළුවැව වම්ඉවුර සොරොව්වෙ ජලය පිටකරන ස්ථානයේ දකින්නට ලැබෙන්නේ අඩි 12ක් වැනි අඩු ජල ධාරිතාවකි. වී වගාවන් බේරා ගැනීමට නම් හුරුළුවැවට මහාවැලියෙන් ජලය ලබා දිය යුතු බව ද එසේ නොකළහොත් වී වගාවන් විනාශයට පත්වීම වැඩි ඈතක නොවන බව ද ගොවීහු පවසති.

ගලෙන්බිදුණුවැව සමූහ
ජයන්ත වාසුලසේන

නව අදහස දක්වන්න