කිරම ඉදිකළ කඩ කාමර ජනතා අයිතියට පත් කර නෑ | දිනමිණ

කිරම ඉදිකළ කඩ කාමර ජනතා අයිතියට පත් කර නෑ

කටුවන ප්‍රා. සභාවට මුදල් ගෙවා වසර 2ක්
බඩු විකුණන්නේ පෙට්ටි කඩවල

කටුවන ප්‍රාදේශීය සභාව මගින් කිරම නගරයේ ඉදිකර ඇති කඩ කාමර 24ක් වෙළෙන්දන් වෙත ලබා නොදී වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන බව එම වෙළෙඳසල් හිමි ව්‍යාපාරික පිරිස පවසති. පසුගිය රජය සමයේ ඉදිකර ඇති මෙම කඩ කාමර වසාදමා තිබීමෙන් තමන් දැඩි අපහසුතාවකට හා මූල්‍ය දුෂ්කරතාවකට ද මුහුණ පා ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.

ඇඩ්වින් මහතා - මම අවුරුදු 35කට වැඩිය කිරම බුලත් පුවක් වෙළෙඳාම කරනවා. මම හිටියෙ මෙතන පරන අබලන් කඩ පේලියක. ඒවා මාස කිහිපයකින් හදල දෙනවා කියා කැඩුවා. දැන් කඩ හදලා අවුරුද දෙකක් තිස්සෙ තියාගෙන ඉන්නවා. මේව දෙන්න කඩ හිමියන් තෝරගෙනත් ඉවරයි. මම කටුවන ප්‍රාදේශීය සභාවට රුපියල් 50,000ක් ගෙවලා තියෙනවා. තවම අපිට කඩ කාමර දෙන්නෙ නෑ. දැන් මම පුංචි කඩ කෑල්ලක් කුලියට අරගෙන බුලත් වෙළෙදාම කරනවා. දැන් එතනින් යන්න කියනවා. අපේ සල්ලි ගැන ගාල්ල අමාත්‍යංශයට හම්බන්තොට පළාත් කාර්යාලයට වගේ කියන්න තියෙන හැම තැනකටම කිව්වත් වැඩක් වුණේ නෑ. අපි සල්ලි ගෙවා වෙන් කරපු කඩ කාමර අපිට වෙළෙඳාම් කරන්න ලබා දෙන්න

කිරම රණා මහතා - මම කිරම ටවුමෙ තැඹිලි, බුලත්, එළවළු විකුණා ජීවත්වුණේ. අවුරුදු 15ක් මේ තැන ලෑලිවලින් කඩයක් හදාගෙන බිස්නස් කළේ. මම හිටිය ලෑලි කඩය අළුතෙන් හදල දෙනව කියා කැඩුවා. මෙතන කඩ කාමර 24ක් හදා තියනවා. දැන් අවුරුදු දෙකක් වෙනවා. තාම වහගෙන ඉන්නවා. මම රුපියල් 50,000ක් කටුවන ප්‍රාදේශීය සභාවට ගෙවලා තියෙනවා. දැන් මට වෙළෙඳාම් කරන්න තැනක් නෑ. අසරණ වෙලා ඉන්නෙ. මගේ ඉඩමෙන් කොටසක් විකුණල දරුවන්ට කන්න ගිහින් දෙන්නෙ. සොයා බලා ඉක්මණින් කඩ කාමර ටික අපිට ලබා දෙන්න.

ප්‍රසන්නවජීව මහතා - මම සැලුන් එකක් දාල කොණ්ඩ කැපීම මගේ රස්සාව. මෙතන තිබුණ පරණ මාකට් එකේ මට කඩ කාමරයක් තිබුණා. අවුරුදු 15ක් එතන හිටියා. මේ කඩ හදල අවුරුදු හතරක් වෙනවා. මම රුපියල් 50,000ක් කටුවන ප්‍රාදේශීය සභාවට ගෙවුවා. කුළියට ගත්ත පුංචි කාමරයක සැළුන් එක කරන්නෙ. කවුරු හරි මැදිහත් වෙලා මේ කඩ කාමර ටික අපිට ලබා දෙන්න කියල අපි ඉල්ලා සිටිනවා. මෙම කඩ කාමර ඉදිකිරීම සදහා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර තියෙනවා.

මැදමුලන සමූහ
එච්. ඒ. පී. සමරවික්‍රම

 

නව අදහස දක්වන්න