හක්මන නව නගර ශාලා ශ්‍රවණාගාරයේ වේදිකාව දිරාපත් | දිනමිණ

හක්මන නව නගර ශාලා ශ්‍රවණාගාරයේ වේදිකාව දිරාපත්

රජය රුපියල් පන්කෝටි පන්සිය හතලිහක පමණ මුදලක් වැයකොට සියලු නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද හක්මන ප්‍රාදේශීය සභා නව නගර ශාලාව ජනතා අයිතියට පත්කර වසරක් ගතවීමටත් පෙර ශ්‍රවණාගාරයේ වේදිකාවට යොදා ඇති ලෑලි දිරාපත්ව තැනින් තැන සිදුරු සෑදී අබලන්ව ඇතැයි මෙවර පැවති හක්මන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.

දිවිනැඟුම සංවර්ධන නිලධාරී පී. සුනිල් මහතා - දිස්ත්‍රික්කය තුළ මෙවැනි අංග සම්පූර්ණ දැකුම්කළු වෙනත් නගර ශාලාවක් නෑ. මෙය හක්මන ප්‍රාදේශීය සභාව සතු සම්පතක්. මෙය නඩත්තුව හා සුරක්ෂිත කර ගැනීම ප්‍රාදේශීය සභාවේ වගකීමක්. මේ වේදිකාව ප්‍රමිතියකට අනුව ඉදි නොකරන ලද්දක් බවත් බැලූ බැල්මට පෙනෙනවා.

සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනය මහතා - මේ සිද්ධිය ගැන මා දැන සිටියේ නෑ. නගර ශාලාවට ගොස් මේ ගැන සොයා බලා පවත්නා ඉදිකිරීම් කටයුතුවල අඩුවක් මත මෙවැන්නක් සිදුව ඇත්නම් කොන්ත්‍රාත්කරුගේ රැදවුම් මුදල් ගෙවීම වහාම නතර කිරීමට කටයුතු කරනවා.

හක්මන විශේෂ ආර්. පීරිස්


නව අදහස දක්වන්න

Or log in with...