ශීතල තව සුමානයයි | දිනමිණ

ශීතල තව සුමානයයි

උදුලා පීරිස්

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රටේ සෙසු දිස්ත්‍රික්කවල මේ දිනවල රාත්‍රී හා උදේ වරුවේ පවතින දැඩි ශීත බව නිසා ජනතාව දැඩි දුෂ්කරතාවට පැමිණ තිබෙන බව දිනමිණට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිනමිණ කළ විමසීමක දී කාලගුණ විශේෂඥ අනුෂා වර්ණකුලසූරිය මහත්මිය මෙසේ ද කීය.

වායුගෝලයේ උදය වරුවේ හා රාත්‍රී කාලයේ පවතින මේ ශීතල තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මේ දිනවල උතුරු අර්ධ ගෝලයෙන් එන ශීතල සුළං මේ තත්ත්වයට ප්‍රධානම හේතුවයි. එම සුළං තත්ත්වය තව දින කිහිපයක් දිවයින පුරා හමායනු ඇත. 

 

නව අදහස දක්වන්න