ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් මාර්තු 21 විභාගයට | දිනමිණ

ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් මාර්තු 21 විභාගයට

සිරන්ජනි කුමාරි

වසර පහක් අඛණ්ඩව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීමේ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු පහ ලබන මාර්තු 21 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (10) තීරණය කළේය.

අදාළ නඩු පහ ඊයේ (10) විභාගය සඳහා නියමිතව තිබුණ ද පළමු සාක්කිකරුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නඩු විභාගය කල් දැමින.

2010, 2011, 2012, 2013 හා 2014 වර්ෂ සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ තැනැත්තකු ලෙස හිටපු ඇමැතිවරයා වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව පවසමින් වත්කම් බැරකම් පනතේ 9 (1) වගන්ති ප්‍රකාරව ඔහුට අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශය විසින් 2015/11/26 මේ නඩු 5 පවරා තිබිණ. නඩු භාණ්ඩ 3ක් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් කළණදාස සේනානායක මහතා අදාළ සාක්කිකරුවන් තිදෙනකු නම් කර තිබිණ.

රොස්වුඩ් වත්ත, රත්කරව්ව, මාස්පත, කුරුණෑගල පදිංචි හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා චෝදනාවන්ට නිවැරැදිකරු බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ නඩු විභාගය සඳහා අධිකරණයට යොමු කරනු ලැබිණ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...