විශේෂ පොලිස් කණ්ඩායමක් හම්බන්තොටට | දිනමිණ

විශේෂ පොලිස් කණ්ඩායමක් හම්බන්තොටට

විජයානි එදිරිසිංහ

පසුගිය දා හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ සිදු වූ කළබලකාරී තත්ත්වය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යවා තිබේ.

මේ පරීක්ෂණයට අනුව වැරැදි සිදුකළ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය මඟින් ක්‍රියා කරන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් ටී. විජේවීර මහතා පැවැසීය.

මෙහි දී පෞද්ගලික විද්යුත් මාධ්‍ය අංශයක් මඟින් ගුවන්ගත කර තිබූ ඩ්‍රෝන කැමරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ ප්‍රභූවරුන් සිටින ස්ථානයක කැමරාගත කිරීම නිසා එය වැළැක් වූ බවයි. ඉදිරියේ දී මාධ්‍ය අංශවලට එම ඩ්‍රෝන කැමරා භාවිතයට ඉඩ දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධ තීරණයක් ගැනීමට සාකච්ඡා කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. 

නව අදහස දක්වන්න