මොරගහකන්දට ජලය පිරවීම අරඹයි - LIVE

මොරගහකන්ද ජලාශය සඳහා මංගල දියවර ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කරනු ලැබිය.

එවකට මහින්ද රාජපකෂ ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මොරගහකන්ද ජලාශය ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

මොරගහකන්ද ජලාශයේ විශාලත්වය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් වන අතර මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන්නේද මොරගහකන්ද ව්‍යාපෘතියයි.

කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය, පානීය ජල අවශ්‍යතාව, විදුලි බල සැපයුම ලෙස බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම අද - update

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ ‘‘මංගල දියවර රැදවුම් මංගල්‍යය’’ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවල කෙත් බිම්වලට ජලය සැපයීමට නියමිත අතර රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට විසදුමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාදීමද ව්‍යාපෘතියේ අරමුණකි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...