මහියංගන පුදබිමේ පිංකම් රැසක් | දිනමිණ

මහියංගන පුදබිමේ පිංකම් රැසක්

දුරුතු පසලොස්වක පොහොය හෙටයි.

නව වසරේ යෙදෙන ප්‍රථම පසලොස්වක පොහොයද දුරුතු පොහොය දින වේ. බුද්ධත්වයෙන් නවවන මස දුරුතු පුර පසලොස්වක පොහෝ දිනක බුදුහිමියන්ගේ ප්‍රථම ලංකා ගමන සිදු වු අතර එහිදී යක්ෂයන් දමණය කිරිම, සමන් දෙමියන්ගේ ඉල්ලීමකට අනුව පුජාවස්තුවක් ලෙස හිස පිරිමැද කේෂධාතු මිටක් පරිත්‍යාග කිරිම සිදු වු අතර  බුදුහිමි වැඩසිටි ස්ථානයේ සමන් දෙවියන් විසින් එම කේෂධාතු නිධන් කොට සෑදු ලොව ප්‍රථම ‍චෛත්‍යය මහියංගනය චෛත්‍යය ලෙස සැලකේ.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් හා සංවිධානත්වයෙන් දුරුතු පොහොය නිමිත්තෙන් ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ  ධාන ශිල භාවනා අදි  ආගමික වැඩසටහන් රැසක් හෙට (12) දින සංවිධානය කර ඇත.

-මාපාකඩවැව සමුහ - එච් එම් රංජිත් කරුණාවිර


නව අදහස දක්වන්න

Or log in with...