මිෂෙල් ඔබාමා ධවල මන්දිරයට සමුදෙන්න සූදානම් වෙයි | දිනමිණ

මිෂෙල් ඔබාමා ධවල මන්දිරයට සමුදෙන්න සූදානම් වෙයි

'අප අපේ ජීවිතයේ මුහුණ දෙන සැකය හා බෙදීමටත්, තරහ සහ බියටත් එරෙහිව නැගී සිටීම සඳහා බලාපොරොත්තුව මූලික විශ්වාසය කර ගත යුතුයි. අපේ බලාපොරොත්තුව විය යුත්තේ අප ශක්තිමත්ව වැඩකර අප ගැන විශ්වාස කිරීම' යැයි ජනපති ආර්යා මිචෙල් ඔබාමා අවසන්වරට ධවල මන්දිරයේ දී ඇමරිකා ජනතාව අමතමින් පවසා සිටියාය. බැරක් ඔබාමා තව දින කිහිපයකින් ජනපති ධූර කාලය නිම කිරීමට නියමිත අතර මිෂෙල් ඔබාමාට සුබ පැතීම සඳහා ඇමරිකානුවන් විසින් සංවිධානය කර තිබූ උත්සවයකදී ඇය සංවේදී ලෙස ඔවුන්ව ඇමතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය අවසන් වරට ජනතාව අමතමින් රට ගොඩනැගීමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බව එහි සඳහන් වේ.රටට සේවයක් කිරීමට ඉදිරිපත් වන ලෙසත් ඒ සඳහා අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත් බවත් එහිදී ඇය ප්‍රකාශ කර තිබේ. 

බී. සී. සී

නව අදහස දක්වන්න