ජනාධිපති කුසලාන පාසල් පාපන්දු අර්ධ අවසන් පූර්ව තරග අද | දිනමිණ

ජනාධිපති කුසලාන පාසල් පාපන්දු අර්ධ අවසන් පූර්ව තරග අද

ෆවුස් මොහොමඩ්

දේශීය පාසල් පාපන්දු තරග බිමේ දස්කම් දක්වන ප්‍රබලතම පාසල් කණ්ඩායම් තරග වදින හමීඩ් අල් හුසෙයිනි ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග 3ක් අද (12) පැවැත්වෙයි.

මූලික වටයේදී එක් එක් කාණ්ඩ යටතේ පෙරමුණ ගත් කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයට ඊයේ පස්වරුවේ කළුතර සිරි කුරුස විදුහල් පිල සහ ඩි මැසනද් විදුහල් පිල කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී එක්විය.

හමීඩ් අල් හුසෙයිනි විදුහලේ GROUP of 80's කණ්ඩායම විසින් 10 වැනි වරටත් සංවිධාන කරනු ලබන මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සෙසු තරග අද පැවැත්වෙන අතර සාන්ත පීතර සහ මාරිස්ටෙලා විදුහල් අතර තරගය අද (12) පෙරවරුවේ ද, පුත්තලම සහිරා විදුහල් පිල සහ ලුම්බිණි විදුහල් පිල අතර තරගය සහ සත්කාරක හමීඩ් අල් හුසෙයිනි විදුහල සහ නාලන්දා විදුහල අතර තරගය අද පස්වරුවේ පැවැත්වෙයි.

පළමු වරට මෙවර තරගාවලියේ ශූරයන්ට ජනාධිපති කුසලානය පිරිනැමෙන අතර ලබන 22 වැනිදා පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.


නව අදහස දක්වන්න

Or log in with...