දහයියා පටවා තේක්ක ඇද්ද ලොරිය හසලකදී මාට්ටු | දිනමිණ

දහයියා පටවා තේක්ක ඇද්ද ලොරිය හසලකදී මාට්ටු

මාපාකඩවැව සමූහ එච් එම් රංජිත් කරුණාවිර

බිබිල ප්‍රදේශයේ සිට මහනුවර දක්වා නීති විරෝධී ලෙස තේක්ක ප්‍රවාහනය කළ ලොරි රථයක් හසලක පොලිසිය මඟින් ඉකුත් 9 දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් දහයියා ගෝනිවලට සඟවා තේක්ක කඳන් 78ක් නීති විරෝධී ආකාරයෙන් ප්‍රවාහනය කර ඇත. තේක්ක කඳන්වල වටිනාකම තක්සේරු කිරීම සඳහා යොමු කර ඇත.

ලොරි රථය සමඟ සැකකරුවන් දෙදෙනෙක් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හසලක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර ලොරි රථය, දැව හා සැකකරුවන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 


නව අදහස දක්වන්න

Or log in with...